අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 80 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.කෙසේ වෙතත් අයහපත් කාලගුණයෙන් අහිමි වෙච්ච ජීවිත සංඛ්‍යාව 100 ඉක්මවනු ඇති බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.
ටොනේඩෝ සුළි කුණාටු හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වි ඇත්තේ ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයටයි. ආපදාවට පත් වූ ජනතාවට සහන කටයුතු සම්පාදනයට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දෙන බව ජනාධිපති ජෝ බයිඩ්න් ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා. දේපළ හා ජීවිත හානි හේතුවෙන් හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ. ඇමෙරිකා ඉතිහාසයේ මේ වනතෙක් බලපෑ දරුණුතම ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වය මෙය බවයි ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ.
මේ අතර ඉලිනොයි ප්‍රාන්තය හරහා හමා ගිය සුළි කුණාටුවක් හේතුවෙන් එහි සුප්‍රසිද්ධ වෙළෙඳ සමාගමක් සතු ගබඩා සංකීර්ණයක් විනාශයට පත්වුණා. එහි සිටි හතළිස් දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනිමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද සඳහන්. කෙන්ටකි, ඉලිනොයි , ටෙනසි , මිසුරි සහ ආකන්සාස් ප්‍රාන්තයන්හි ප්‍රදේශ ගණනාවකට විදුලි සැපයීම ඇණ හිට ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. කඩා වැටුණු ජන ජීවිත යථා තත්ත්වයට පත් වෙන්න සති කිහිපයක කාලයක් ගත වෙනු ඇති බවට සහන කණ්ඩායම් නිවේදනය කරනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි