චීනය බටහිර ලෝකය සමග කළ ගනුදෙනු පිළිබඳ ඉතිහාසයේ, ඉතාලියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. පැරණි සේද මාවත මගින් ඉපැරණි ශිෂ්ටාචාර සතු චීනය හා ඉතාලිය සම්බන්ධ කර තිබිණ. මීට වසර 700කට පමණ පෙර චීනයේ සංචාරය කළ ඉතාලි ජාතික Marco Polo සියැසින් දුටු චීනය පිළිබඳව බටහිර ලෝකයට හඳුන්වා දුන් බැවින් ඔහු දෙරට මිත්‍රත්වය සංකේතවත් කළ චරිතයක් බවට පත් විය.
මේ වසරේ චීන-ඉතාලි විස්තීර්ණ උපායමාර්ගික සම්බන්ධතා ස්ථාපිත කර වසර 20 ක් සපිරේ. මෙවන් විශේෂ පසුබිමක ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය සිය ධුර කාලයේ නිරත වූ පළමු චීන සංචාරයට එක්වූවාය. ඇය චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමු වූ අස්ථාවේ “සේද මාවතේ ජීවගුණය”යන යෙදුම යළි සිහිපත් කෙරිණ. “සේද මාවතේ ජීවගුණය”තුළ සාමකාමී සහයෝගය, විවෘතභාවය, ඉවසිලිවන්තභාවය, අන්‍යෝන්‍ය අධ්‍යයන, අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණය අන්තර්ගත වන බවත්, මෙම ජීවගුණය දෙරටේ පොදු සම්පත බවත්, චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය. ඉතාලි අග්‍රාමාත්‍යවරිය ඊට එකඟතාව පළ කරමින් පැවසුවේ, “සේද මාවතේ ජීවගුණය”උරුම කරගනිමින් ඉතාලි-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වඩාත් ඉදිරියට ගෙන යාමට සූදානමින් සිටින බවයි.
ප්‍රතිසංස්කරණය වඩාත් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් විදේශ රටවල් වෙනුවෙන් වඩාත් විවෘත වන බව පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ දී ප්‍රකාශ කෙරිණ. ඉතාලි අග්‍රාමාත්‍යවරිය චීනයට පැමිණියේ එම සැසියෙන් දින කිහිපයකට පසුවයි. මෙවන් පසුබිමක චීන-ඉතාලි සහයෝගිතාව තව තවත් පුළුල් කරන්නේ කෙසේ ද යන්න කෙරෙහි චීන-ඉතාලි නායකයෝ වැඩි අවධානයක් යොමු කර සිටිති. මේ සම්බන්ධයෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා සහ Giorgia Meloni අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පවත්වා එකඟතා රැසකට එළඹ ඇත.
ජාත්‍යන්තර තත්ත්වය කෙතරම් සංකීර්ණ වුව ද චීන-ඉතාලි සම්බන්ධතා තුළ සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය කිසි විටක වෙනස් වී නොමැත. එසේම ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කෙරෙහි දෙරට දක්වන කැමැත්ත ද නොවෙනස්ව පෙර සේම පවතී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි