රජරට ප්‍රදේශයේ විශාල වශයෙන් මේ දිනවල බඩ ඉරිගු වගාවේ සේනා දළඹු ව්‍යාප්තිය නිසා දැඩි හානියකට පත් ව ඇති බව ගොවීහු මැසිවිලි නගති.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාල වශයෙන් මෙවර බඩ ඉරිගු වගාව ආරම්භ කොට ඇත්තේහොරිවිල ඇතුළු ගම්මාන කිහිපයක ය. ප්‍රදේශයේ බඩඉරිඟු වගාව අක්කර දහස් ගණනාවක් මේ වන විටත් සේනා දළඹු ප්‍රහාරයකට දිනෙන් දීන නතු වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
දළඹු ප්‍රහාරය පිළිබඳව අවස්ථා ගණනාවක කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් තම වගාවන් පිළිබඳව සොයා බැලීමට හෝ කෘෂිකර්ම බලධාරියකු නොපැමිණි බව හොරිවිල ප්‍රදේශයේ බඩ ඉරිගු ගොවීන් චෝදනා කරති.
වෙළඳසැල් හිමියන් සහ ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කරන විවිධ කෘමි නාශක වර්ග මේ දිනවල තම වගාවන් වලට ඉසින බවද ගොවීහු කියති.
එහෙත් කිසිදු ආකාරයකින් සේනා දළඹුවා මර්දනය නොවන බවත් විශාල ව්‍යාප්තියක් පවතින බව ද ගොවීන් පෙන්වා දෙති.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග