සේරුවාවිල රජමහා විහාරයට නාදුනන පිරිසක් කඩා වැඳී බලහත්කාරයෙන් එය අත්පත් කරගෙන එහි පාලන බලය ඔවුන් අතර ගෙන ඇති බව විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියන් සඳහන් කරයි.
හතළිහක පමණ කණ්ඩායමක් විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගනිමින් තමන් වහන්සේට ඊට ඇතුළු වීම අවහිර කර ඇති බව උන්වහන්සේ පවසයි.
එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරූ මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු අමරපුර සංඝ සභාවේ කළ්‍යාණ වංශ පාර්ශවයේ උත්තරීතර මහා නායක දොඩම්පහල චන්දසිරි මහ නාහිමියන් විසින් තමන් වහන්සේ සේරුවාවිල විහාරාධිපති ධුරයට පත්කළ බවද එම පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කොමසාරිස් ජනරාල්වරයා සහ නීතිපතිවරයා විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බව උන්වහන්සේ සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද අමරකිත්ති හිමියෝ අවධාරණය කරයි.
More Stories
පොසොන් පොහෝ දින අද
ඔබ සැමට සුබ වෙසක් දිනයක් වේවා
වෛශාඛ වේසාඛ වෙසක්