ප්‍රවීණ ගායන ශිල්පිණී, විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
රිය පෙරහැරකින් බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන හා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ට එහිදී ආගමික වතාවත් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ඇයගේ පවුලේ සමීපතමයින්, ප්‍රවීණ කලාකරුවන්, ගායක ගායිකාවන් ඇතුළු පිරිසක් එක්විය.
ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී පසුගිය 17 වනදා හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත විය.
මියයන විට නීලා වික්‍රමසිංහ මහත්මිය 71 වන වියේ පසුවූවාය.
ඇයගේ දේහය පසුගිය 27 වනදා රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට ගෙන ආවේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට