පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ හිමිනමකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස් කුමාරවංශ මහතා පැවසුවේ විහාරස්ථානයේ වැඩවසන සාමණේර හිමිනමකට වෛරසය ආසාදනය වී ඇති බවයි.
උන් වහනේසේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
සෝමාවතිය විහාරස්ථානයේ වැඩවසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා එම පුදබිමේ සේවයේ නියුතු යුද හමුදා, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සදහා යොමු කර ඇත.
- aruna news
More Stories
පොසොන් පොහෝ දින අද
ඔබ සැමට සුබ වෙසක් දිනයක් වේවා
වෛශාඛ වේසාඛ වෙසක්