කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28 වැනිදා) රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා .
ඇය ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කර ඇත්තේ රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියාය.
පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (28වැනිදා) පෙරවරුවේය. අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කරන ලද බව ප්‍රකාශ වුනා .
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්