ෆෙඩරල් රජය සිය බලය අවසන් වීම වළක්වා ගැනීම සඳහා ඊයේ(30) රාත්‍රියේ දින 45 ක සීමාකිරීම් සහිත අරමුදල් පනතක් අනුමත කර ගෙන ඇත.
අරමුදල් පනත සඳහා රිපබ්ලිකන් පක්ෂයේ දැඩි මතධාරීන්ගේ සහාය ලබා ගැනීමට අරගල කරමින් සිටි කථානායක Kevin McCarthy ඊයේ(30) උදෑසන මෙම නව සැලැස්ම ඉදිරිපත් කළේය. ඒ අනුව නොවැම්බර් මැද භාගය වන තෙක් ෆෙඩරල් ආයතන දැනට ක්‍රියාත්මක මට්ටමින් අරමුදල් සපයනු ඇති අතර ආපදා සහන සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 16 ක අරමුදල් ද එයට ඇතුළත් කර ඇත.
නව පනත් කෙටුම්පතට රිපබ්ලිකන් පක්ෂය ඉල්ලා සිටි දැඩි වියදම් කප්පාදුව ඇතුළත් නොවූ අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් ඉල්ලා සිටි යුක්රේනය සඳහා වන අමතර ආධාර ද ඇතුළත් නොවේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි