ශ්‍රී ලංකාවේ බිහි විශිෂ්ටම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් හට ඉන්දියාවේ චෙන්නයි හී රෝහලකදී විශේෂ සැත්කමක් සිදුකර ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව මුරලි හට හදවත සම්බන්ධ සැත්කමක් වන ඇන්ජියෝප්ලාස්ටි (Angioplasty) සැත්කමක් සිදු කර ඇති අතර වෛද්‍යවරුන් විසින් පවසා තිබුණේ ඔහුගේ හදවතේ නාලයක අවහිරතාවයක් පසුගිය මාර්තු මාසයේ දී හඳුනාගත් බවත් එය ඉවත් කිරීම සඳහා මෙම සැත්කම සිදුකර ඇති බවයි.
ඔහුගේ තත්ත්වය ඉතාමත් යහපත් බවද වෛද්‍යවරුන් විසින් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබුණි.
මුරලි මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසද ක්‍රියා කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති