දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (05) සිදුවූ විදුලිය බිඳ වැටීම කඩකප්පල්කාරි ක්‍රියාවක් නොවන බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට අකුණු සැර වැදීමක් හේතුවෙන් අදාළ විදුලි බිඳ වැටීම සිදුව ඇති බවට අනාවරණය වු බව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය සඳහන් කළේය.
ඊයේ උදෑසන 11.45 ට පමණ මෙම බිඳවැටීම වාර්තා වු අතර දහවල් 12.15 ට පමණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරිමට හැකි වූ බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම වාර්තා වූ බව විදුලිබල අමාත්‍යාංශය පැවසුවේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්