හයවැනි සේද මාවත ජාත්‍යන්තර සංස්කෘතික ප්‍රදර්ශනය අද(6) චීනයේ Gansu පළාතේ Dunhuang නගරයේ දී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ Li Shulei මහතා ආරම්භක උත්සවයට සහභාගී වෙමින් දේශනයක් පැවැත්වීය.
Dunhuang යනු පුරාණ සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එය සංස්කෘතීන් සහ ශිෂ්ටාචාරයන් සුසංයෝගී වූ සුවිශේෂ ස්ථානයක් බව, දෙස් විදෙස් අමුත්තෝ එහිදී පෙන්වා දුන්හ. මෙම වසර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ 10වැනි සංවත්සරයයි. නව ආරම්භක අවස්ථාවේදී, සේද මාවතේ වටිනාකම් ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කළ යුතු අතර, “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනැගීමට ශක්තිමත් ශිෂ්ටාචාරයේ අභිමානය එයට මුසු කළ යුතු බව, දෙස් විදෙස් අමුත්තෝ එහිදී සඳහන් කළහ.
මෙවර Dunhuang සංස්කෘතික ප්‍රදර්ශනය, Gansu පළාත් රජය, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය, චීන ජාතික ගුවන්විදුලිය හා රූපවාහිනී පරිපාලනය සහ චීන ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රවර්ධන කවුන්සිලය විසින් එක්ව සංවිධානය කෙරේ. රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 50කට අධික සංඛ්‍යාවකින් අමුත්තන් 1,200කට වැඩි පිරිසක් ඊට එක් වූහ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය