හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,297 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර 5,700ක් පමණ තුවාල ලබා ඇති බවය.
රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් පසුගියදා ඇතිවූ මෙම භූ කම්පනයෙන් හයිටි රාජ්‍යයේ නිවාස, දේවස්ථාන, පාසල් සහ ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි.
මේ හේතුවෙන් හයිටි අග්‍රාමාත්‍යවරයා විසින් රටතුළ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇත.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ