හරීන් ප්‍රනාන්දු මැතිතුමාට ආරක්ෂාව ඉල්ලා සජබය කතානායක හමුවෙයි: ලියුමකුත් බාරදෙයි
ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු මහතා ඉලක්ක කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද (13) දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් බාර දීමට පියවර ගත්තේය.
එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව ලබා දී ඇති මෙම ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ ප්‍රධානිය ලෙස එම වගකීම ඇත්තේ කතානායකවරයාට බවත් දැනුම් දී තිබේ.
මෙම අවස්ථාවට එම පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට