පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම කාර්යාල වසා දැමුන ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලුම අයදුම්කරුවන්ට එදින හෝ ඊට පෙර හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමු කරන බව ඔහු පැවසීය.
එමෙන්ම හැදුනුම්පත් ලබාගැනීම සදහා ඉල්ලුම්පත් යොමු කළ සියලුදෙනාට හැදුනුම්පත් කඩිනමින් යොමු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා සදහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට