ළමුන් සිඟමනේ යොදවම සිදුකරන පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී තත්ත්වයක පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදාන පතිරණ මහතා සඳහන් කර තිබේ.
සභාපතිවරයා සඳහන් කරන්නේ 2019 වර්ෂයට අදාලව ළමුන් සිඟමනේ යොදවන පිරිස් අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමක නොපවතින බවය.
එසේම 2019 වසරේ දී ළමුන් හිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් 299 වතාවක් වාර්තා වු නමුත් අදාළ පොලීසිය වෙත යොමුකිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබී ඇත්තේ සිදුවීම් 51ක පමණක් බව ඔහු සඳහන් කරයි.
මේ අතරින් අදාළ ළමයා සහ වැඩිහිටියා සොයාගෙන ඇත්තේ අවස්ථා 06ක පමණක්ය. එසේම මෙහි සාර්ථකත්වය පවතින්නේ සියයට දෙකක පමණ ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කරයි.
තවද 2020 වර්ෂයේ පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ළමුන් සිඟමනේ යෙදවීමේ සිදුවීම් 200ක් පමණ වාර්තා වී තිබෙන බවද පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්