හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ පුරවැසිභාවය යළි ලබාගැනීම සඳහා ග‍්‍රීන් කාඩ් අයැදුම් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත අද (18) අනාවරණය කළා.
එම පුවත්පත සිය වාර්තාවෙන් සඳහන් කලේ අමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග‍්‍රීන්කාඞ් පහසුකම හරහා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට අමෙරිකානු පුරුවැසිභාවය පවතින අතර එය ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි පුරවැසිභාවය ලබාගැනීම සඳහා තවත් පහසු වනු ඇති බව සඳහන්.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින අතර ඔහුට නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට අවසර හිමි වුණා.
කෙසේ වෙතත් රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ ප‍්‍රකාශ කලේ ලබන බ‍්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිනෙන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට