ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් තවමත්, ස්ථිර බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අසමත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන 2022 ලෝක සාම සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
එම යුද ගැටුම අවසානයේදී සාමය, සංහිදියාව, ප්රජාතන්ත්රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටි බැන් කි මූන් මහතා ඉමහත් ප්රයත්නයන් යෙදුවත්, එම සංහිදියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මකවීමේදී අපේක්ෂිත සාධනීය තත්ත්වයන් අත්පත් කර නොගැනීම කණගාටුවට කරුණක් බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
අතිශය විප්ලවකාරී හා ක්ෂණික පිළියම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතිකව සිදුකෙරුණු ඉල්ලීම් අතිසාධනීය බව ද ඔහු කියා සිටියා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි