ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.
ඔහු විසින් නීතිවිරෝධී ලෙස 2012දී ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.
66 හැවිරිදි සා(ර්)කොයි තමා වැරද්දක් නොකළ බව පැවසීය. ඔහු අද (30) අධිකරණයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයා පැවසුවේ ඔවුන් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.
එම මැතිවරණ ව්‍යාපාරයට සා(ර්)කොයි විසින් යුරෝ මිලියන 22.5ක් වියදම් කර ඇති අතර එය එසේ වියදම් කළ හැකි උපරිම මුදලට වඩා දෙගුණයක් ය.
නමුත් එම ජනාධිපතිවරනයේදී ඔහු ෆ්රන්කොයි හොලන්ඩේ ට පරාජය විය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්