ලොහාන් රත්වත්තේ ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා වහාම විමර්ශනයක් කරන ලෙස පොලීසිය භාර ඇමතිවරයා පොලිස්පතිවරයාට නිවේදනයක් නිකුත් කර මේ වන විට පැය 24 කට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් කිසිවක් සිදු වී නොමැති බව වාර්තාවේ.
පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ බන්ධනාගාරයෙන් මෙතෙක් ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී නැති බවයි.
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට එරෙහිව සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 16 වැනිදා පැමිණිල්ලක් කළේය. එදින රාත්‍රියේ මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබුවේ එම පැමිණිල්ලට අනුව වහාම ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දුන් බවය.
නමුත් බන්ධනාගාර සිද්ධිය මුල්කරගෙන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විමර්ශනයක් ආරම්භකර නැත්තේ නිසි උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට ලැබී නැති බැවින් බව වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්