මතභේදයට තුඩුදී ඇති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් බැටිකලෝ කැම්පස් පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන වෙනත් රජයේ විශ්වවිද්‍යාලයක් සමඟ සම්බන්ධ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
එමෙන්ම, අදාළ ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, එම ආයතනය රජයට පවරාගන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ය.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා, ‘”මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරේ ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ශරියා නීතිය හෝ මොකක් වුණත් අපි හොයලා බලනවා. විෂයේ නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි. ඉහත ආයතනය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය, උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නෑ. පැහැදිළිවම ඒක මේ පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නෑ. අපි පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නෑ.” යනුවෙන් පැවසුවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්