පසුගිය වසරේ පාස්කු ඉරිදා (අපේ‍්‍රල් 21 වැනිදා) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවකුට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවාගෙන පරීක්ෂණ සිදුකරන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හඳුනාගැනීම සඳහා ඊයේ (24 දා) පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව අවලංගු කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා
එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන් කරුණු සහ සැකකරුගේ නීතිඥවරයා හා එම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා කැඳවා තිබූ ළමුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබෙනවා.
හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා ප්‍රහාර එල්ල කළ මුස්ලිම් අන්තවාදී සංවිධායක මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ යි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට