කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට (06) මහියංගනය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා ඊයේ (04) පස්වරුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුවාය.
දඹාන ආදිවාසී ගම්මානයේදී පසුගියදා සිදුකළ රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ගම්වැසියන් 44 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගැනුණි.
එම ආසාදිතයින් අතර ඌරුවරිගේ හීන් මැණිකා සහ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සිටි බව වාර්තා විය.
ඒ අනුව ඇය පසුගිය 25 වනදා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.
එහිදී ඇය මියගොස් ඇති අතර මියයන විට ඌරුවරිගේ හීන් මැණිකා 64 වන වියෙහි පසු වුවාය.
එමෙන්ම ඇය කලක් තිස්සේ වකුගඩු රෝගී තත්ත්වයකට ද ගොදුරු වී සිටි බවද වාර්තා විය.
මේ අතර අද දහවල් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත පැමිණි ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මියගිය තම බිරිඳට අවසන් ගෞරව දක්වා තිබුණි.
ඇය දරුවන් 9දෙනෙකුගේ මවකි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්