වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන නියෝග අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසයි.
පසුගිය 21වනදා වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එම නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ වී ඇත.
මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2021 අගෝස්තු 19 දින නිකුත් කොට තිබුණි.
හිලෑ ඇතුන්ගේ සුභසාධනය සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දීම, හිලෑ ඇතුන් ලියාපදිංචියේදී සිදුවිය හැකි අක්‍රමිකතා මඟ හැරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම, හිලෑ ඇතුන් සම්බන්ධ අධිකරණ කටයුතු පහසු කිරීම යනාදි අරමුණු ඉටුකරගැනීම එම ගැසට් පත්‍රය මඟින් අපේක්ෂා කරන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්