යම් දරුවෙක් අධ්‍යාපනය ලබන පාසල පිහිටි ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇත්නම් එම සිසුන්ට විකල්පයක් ලෙස තාවකාලික පදනමින් වෙනත් පාසලක් ලබාදිම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මධ්‍යම පළාතෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ අනුව දිවයිනේ සෙසු පළාත් වලද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි