”කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන, හුදු ආණ්ඩු පෙරලියකින් පමණක් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනයන්න බෑ.”
යයි 43 සේනාංකයේ මංගල ප්‍රකාශය එළිදක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.
මිනිසත්කම, දැනුම, කුසලතාවය පදනම්කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික නව ජීවනයක් අත්පත් කරගැනීමේ හා සමාජ ප්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් ලෙස 43 සේනාංකයේ මංගල ප්‍රකාශය එළිදැක්වීම ඊයේ(17) ගාලුමුවදොර හෝටලයේදී සිදු කෙරිණි.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා බ්‍රේල් තාක්ෂණයෙන් මෙම ලියවිල්ල සමන්විත අතර සංඥා ක්‍රමය අශ්‍රයෙන් එම සමාජය වෙනුවෙන් මෙම ලියවිල්ල ලබාදීමට කටයුතු කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
මොකක් ද මේ නව පරපුර – 43 වන සේනාංකය ?
43 සේනාංකය යනු, අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අද මේ රටේ අපට තිබෙන ප්‍රධානම සවිමත් සමාජ දර්ශක දෙකක්. මෙම සමාජ දර්ශක දෙකෙන් අපේ රටේ ආර්ථිකයට, රටේ ඉදිරි ගමනට කොපමණ දායකත්වයක් ඇති වුණාද කියන එක ප්‍රශ්නයක් වුණත් අපට ආඩම්බර විය හැකි පළමු ලෝකයේ තත්ත්වයක් මේ දර්ශක දෙක ඔස්සේ අපට ලැබී තියෙනවා. අපේ ආයු කාලය, අපේ සාක්ෂරතාවය මේ මඟින් නිරූපනය වෙනවා. අපි සමාජ සංගුණක මගින්, අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් හොඳ තැනක හිටියත් ආර්ථික අතින් හොඳ තැනක නැති බව තමයි කියන්න තියෙන්නේ.
අපේ රටේ පසුගිය අවුරුදු 70 ක කාලය තුළ ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම වගකිය යුත්තේ පවුල් 04 කි. සේනානායක – කොතලාවල පරම්පරාව, බණ්ඩාරණායක – රත්වත්තේ පරම්පරාව, ජයවර්ධන – වික්‍රමසිංහ පරම්පරාව සහ රාජපක්ෂ පරම්පරාවයි. මෙම පරම්පරා අතරින් කිසිදු පරම්පරාවක් නොකළ ආකාරයට බිම්මට්ටමේ තිබෙන සුළු ව්‍යාපාරයේ සිට ඉහළ ගණයේ පවතින සෑම ව්‍යාපාරයක්ම තම පවුලට නතු කරගැනීමේ වුවමනාවක් රාජපක්ෂ පරම්පරාවට තිබේ.
අද අපේ රටේ ප්‍රාදේශීය දේශපාලනය මෙහෙයවන්නේ වැලි, කළුගල්, පස්, මත්ද්‍රව්‍ය, මත්පැන් සහ රෙස්ටෝරන්ට් නමින් ගණිකා මඩම් පවත්වාගෙන යන අශිෂ්ඨ පාදඩ සමාජ පන්තියක් විසින්. එම පාදඩ අශිෂ්ට සමාජ පන්තිය විසින්ම අද ව්‍යාපාරික ලෝකයත්, සමාජ ලෝකයත් මාධ්‍ය ලෝකයත් අත්පත් කරගෙන තිබේ. මේ රට පාලනය කරනා හා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවන්ට නම් ඒ සඳහා ඉදිරියේදී හැකියාවක් නැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා තිබෙන බවත් අප සඳහන් කළ යුතුයි.
කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉචදිරියට ගෙනයන්න බෑ, සමහරවිට රට මීටත් වඩා අපහසුතාවයට අර්බුදයට ගමන් කරන්නට තිබෙන ඉඩකඩ වැඩිය. ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරලියකි. ඒ යුග පෙරලියට ගාමක බලවේගයක් අවශ්‍යයි. අන්න ඒ ගැමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතා පූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ තවත් භේදවලින් තොරව ආරාධනා කළ යුතුයි මේ රට ගලවාගන්නා ලෙස.
අන්න ඒ සඳහා මූලාරම්භයක් තමයි අපි මේ 43 වන සේනාංකයෙන් ඉන්න හිතෙන රටකට පාර කපන්නට බලාපොරොත්තු වන්නේ. අපේ ඉදිරි පරම්පරාවට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කරගැනීමට අප එම මාර්ගය තැනිය යුතුය.
අද රටේ අපට ප්‍රධාන අභියෝග දෙකක් තිබේ. එනම්, ආර්ථික අර්බුදය හා නිපුණතා කණ්ඩායමක් නොමැතිවීමේ අර්බුදයයි. රටේ පවතින වත්මන් පාලන තත්ත්වය තුළ, චණ්ඩි කතා, මුග්ධ කතා. ව්‍යාජ දේශප්‍රේමී කතාවලට මේ රටේ රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍රශ්නයවත්, විදේශ ණය ප්‍රශ්නයවත් දැවැන්ත ආර්ථික අර්බුදයවත් විසඳීමට නොහැකි බව අප වටහාගත යුතුයි. එනිසා තමයි අපට නිපුණතා කණ්ඩායමක අවශ්‍යතාවය පැන නගින්නේ. තම තමන්ගේ ක්ෂ්ත්රවල ව්යවසායදායකත්වයෙන්, වෘත්තීය ක්ෂේත්රවල, ක්‍රීඩාව, කලාව ඇතුළු හැම ක්ෂේත්රයකම නිපුණතාවය මුල්තැනට ගත්, කුසලතාවය මුල්තැනට ගත් පරපුරක අවශ්‍යතාවය මතුවන්නේ එහෙයිනි.
මේ සඳහා අපි ඉදිරි කාලයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රතිපත්ති, ප්‍රතිපත්ති මත පදනම් වූ වැඩපිළිවෙළක්, ඊට පදනම් වූ ක්රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා අප ක්‍රියා කරනවා. ඒ සඳහා ඔබ සියලුදෙනාගේම දායකත්වය හා කැපවීම අප බලාපොරොත්තු වෙනවා.
අද අපට අවශ්‍ය දියසෙන් පරපුරකි. එකට හිතන එකට ගමන් කරන, කුසලතාවයෙන් පරිපූර්ණ නවීණත්වය දැක තිබෙන ලෝකය ජයගන්න පුළුවන් දුක වේදනාව, සමාජය හඳුනන පරපුරක් අද අපට අවශ්‍යය. අද අපට තනි දියසෙන් කුමාරයෙක් ගැන බලාපොරොත්තු තබා කටයුතු කල නොහැකිය. අන්න ඒ දියසෙන් පරපුර ගොඩගනාගැනීමයි අප විසින් කළ යුත්තේ.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්