හුදකලා කර තැබෙන ප්‍රදේශවල ඇති අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව ඔවුන් ඇතුළුවීම සහ පිටවීම නිසි නිරෝධායන නීතිවලට අනුකූලව සිදුකළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
මෙම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන සියලු දෙනා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවක සේවකයින්ට අදාළ විශේෂ අවසර පත්‍රය අදාළ පොලිස් ස්ථාන මගින් ලබා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කෙසේ වුවත් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් පළකරමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවා සඳහා දායකවන පුද්ගලයින්ට ද හුදකලා කළ ප්‍රදේශවලින් පිටතට යා නොහැකි බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්