කෝවිඩ් ආසාදිතව වෛද්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටි දැරියක් හුමාලය ඇල්ලිම සදහා ලබා දි තිබු උණු ජලය සිරුරේ හැලි අද ( 17 ) දින ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව මැරුංගොඩ වයස අවුරුදු 10 ක දැරියක් බව කියයි.
මෙම දැරිය හා ඇගේ මවට කොරෝනා ආසාදිතව ඇත්තේ දින කිපයකට පෙර බවත් සෞඛ්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටියදි මෙසේ උණු ජලය සිරුරේ හැලි පිළිස්සි ඇති බව කියයි.
පසුව දැරිය ආරක්ෂීතව ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව කෝවිඩ් ඒකකයට යවා අදාල ප්‍රථිකාර ලබා දිම ආරම්භ කර තිබුනී.
ආණමඩුව රෝහලේ බළධාරියකු පවසා සිටියේ දැරියගේ තත්වය බරපතල නොවන බවත් මේ වන විට දැරිය නිසි සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක