කොවිඩ් ව්‍යාප්තිය සමග හුමාලය ඇල්ලීමට යාමෙන් (දුම් ඇල්ලීමට) පිලිස්සුම් තුවාල ඇතිවීමේ අවදානමක් ඇති වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිෂ් විජේමාන්න පවසයි.
ඊයේ (06 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
හුමාලය ඇල්ලීමට යොදා ගන්නා උණු වතුර හලා ගැනීමෙන් වයස් භේදයකින් තොරව පිලිස්සුම් තුවාල සිදු කරගැනීම් වාර්තාවන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒසේම කුඩා දරුවන් පිලිස්සුම් තුවාල ඇති කර ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවද ඔහු කීය.
උණුවතුර හෝ වෙනත් ආකාරයකින් පිලිස්සීම ඇති වුවහොත් ඒ අවස්ථාවේදීම ඇඳුම් ඉවත් කර ගලා යන සිසිල් ජලයෙන් පිලිස්සුණු ප්‍රදේශය සිසිල් කර ඉන්පසු රෝහල්ගත කිරීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ