20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද හෘද සාක්ෂියට අනුකූල නිවැරදි තීරණයක් ගන්නැයි සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
බුද්ධිය අවදි කර, හෘදසාක්ෂියට එකඟව නිවැරදි තීරණයක් ගන්නා ලෙස ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.
ලී ක්වාන් යූ වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් අවශ්‍ය බව පවසන පුද්ගලයන් 20 වැනි සංශොධනයට සහාය දැක්වීම ගැටලු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසනවා. ලී ක්වාන් යූ සිදුකළේ ප්‍රජාතන්ත්‍රාවදය ශක්තිමත් කර සිංගප්පූරුව ගොඩනැගීම මිස අසීමිත බලතල පවරා ගැනීම හෝ ස්වාධීන ආයතනවල ස්වාධීනත්වය අහෝසි කිරීම හෝ නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
20 වැනි සංශෝධනය හරහා ගොඩනැගෙන්නේ ඒකාධිපති පාලකයෙකු මිස ලී ක්වාන් යූ වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු නොවන බවයි බාකීර් මාකර් මහාත අවධාරණය කරන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්