අද පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකර තිබෙනවා.
ඒ, අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව හෙට අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්