කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
කොළඹ මහ නගර සභාව සිදුකරන කොළඹ නගරය සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීමයි ඊට හේතුව.
ඒ අනුව හෙට (14) පෙරවරු 9 සිට මධ්‍යම රාතී‍්‍ර 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ කොළඹ 02, 03, 07, 08 සහ 10 ප්‍රදේශ වලට.
කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති