ඔක්තෝබර් මාසයෙදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වීමට නියමිත 2021 T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය හෙට හෝ අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ ගැන අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා කියා සිටියේ සිකුරාදා (සැප්තැම්බර් 10) ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරන බවයි.
සිකුරාදාට පෙර 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය හා අතීරේක ක්‍රිඩයක් 4 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන බව ඇෂ්ලි ද සිල්වා පැවසීය. ඔක්තෝම්බර් 10 දක්වා අවශ්‍ය නම් කණ්ඩායමේ වෙනස්කම් සිදු කිරීමට අයිසීසී ප්‍රතිපාදන සලසා ඇති බව ඔහු පැවසීය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගාවලියේ ජයග්රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේ තේරීම් කමිටුව මේ වන විටත් කණ්ඩායම තෝරමින් සිටින අතර පසුගිය තරගාවලි සහ දක්ෂතා මත එය තීරණය කරන බවයි.
ඔක්තෝම්බර් 17 දා සිට ඕමානයේදී ආරම්භ වීමට නියමිත තරගාවලියේදි ශ්‍රී ලංකාව සිය පළමු තරගය ඔක්තෝම්බර් 18 දා නැමිබියාවට එරෙහිව ක්‍රීඩා කිරිමට නියමිතයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්