දකුණු පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මන්නනාරම, වව්නියාව, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශයන්වල හෙට (06) දිනයේ පූර්ණ වශයෙන් බස් ධාවනය සිදුනොවන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ අනුව එම ප්‍රදේශවල හෙට දිනයේ බස් රථ 10%ත් 15% අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. ඉහත සඳහන් ප්‍රදේශවල ඇති ලංගම ඩිපොවලින් ඩීසල් ලබාදීමක් සිදු නොකළ බවත් එහි වගකීම අදාළ බලධාරීන් සහ අමාත්‍යවරයා භාරගත යුතු බවයි ගැමුණු විජේරත්න සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති