හෙට දිනයේ පැය 8 හමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
අද දිනයේ දී දිවයින පුරා විදුලිය විසන්දි කරන පැය ගණන 12 ක්.
මේ අතර, කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
කෙසේවෙතත් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 38 දහසක් සහිත නෞකාවක් මෙතෙක් ඩොලර් නොගෙවීම හේතුවෙන් තවමත් දිවයිනට ආසන්න අන්තර්ජාතික මුහුදු කලාපයේ නැංගුරම් ලා තිබෙනවා.
අදාළ නෞකාව මෙරටට ළඟා වූයේ පසුගිය 22 වැනිදායි
ඊට අදාල ගෙවීම් මේ වනවිටත් සුදානම් කරමින් පවතින බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩි.ආර්.ඔල්ගා මහත්මිය සදහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්