හෙට (15) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක