හෙට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සීමා කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එහි අධ්යක්ෂ ජෙනරාල් කපිතාන් නිලාන් මිරැන්ඩා පැවසුවේ, මේ වන විට කඩවත පිවිසුමේ සිට අධිවේගී මාර්ගයේ බස් රථ, ගමන් ආරම්භ නොකරන බවයි.
අද දිනයේ කඩුවෙල පිවිසුමේ සිට පමණක් සාමාන්‍ය පරිදි අධිවේගී මාර්ගයේ බස් ධාවනය සිදුවන බව ඔහු පැවසී ය.
කෙසේවෙතත් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග හෙට මධ්‍යම රාත්‍රියේ සිට එම පිවිසුම්වල සිට ද අධිවේගී මාර්ගයේ බස් ධාවනය සිදු නොවනු ඇති.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි