හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීම සඳහා ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
“මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා පසුගිය කාලයේ බස්රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා. නමුත් සමහර මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් පවතිනවා. අපි ලිඛිතව දැනුම්දීලා තියෙනවා එහෙම කරන බස්රථ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි උපදෙස් දුන්නා සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනය කරන්න,” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්