සියම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවමින් හෙට සිට යළි සාමාන්‍ය පරිදි රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරනවා.
එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියා සිටියේ, මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්වයට ගෙන ඒමට කාලය පැමිණ ඇති බවයි.
මීට අදාල චක්රලේඛයක්ද පසුගිය 5 වනදා නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව අනුගමනය කළ යුතු බවයි චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ