හෙට (10) සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයද ස්ථාපිත විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 36 සඳහා නිවේදනයක් නිකුත් කරමින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවයි.
එසේම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද වැසි ඇති විය හැකි බවඑම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ