හෙට සිට පෙරවරුවේ සහ පස්වරුවේ නැවතත් විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් හුදකලා කර ඇති ප්‍රදේශවල කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර කිරීමක් සිදුවන්නේ නැහැ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන, දෙමටගොඩ, කැළණිය, වනවාසල, එfඬ්රමුල්ල, හොරපේ, රාගම, වල්පොල සහ බටුවත්ත යන දුම්රිය ස්ථානවලද / පුත්තලම මාර්ගයේ මරදාන – දෙමටගොඩ – කැළණිය, වනවාසල, හොරපේ, රාගම, පේරලන්ද – කුරණ – මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවලද දුම්රිය නතර නොකෙරෙනු ඇති.
කැලණිවැලි මාර්ගයේ මරදාන සහ බේස්ලයින් දුම්රිය ස්ථානවලද දුම්රිය නතර නොකෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලා.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පානදුර – දකුණු කලුතර – අලුත්ගම – හික්කඩුව – ගාල්ල – මාතර – බෙලිඅත්ත යන ස්ථාන දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්