ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය අද (01 වැනිදා) සහ හෙට (02 වැනිදා) අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව එම සංගම් සදහන් කරයි.
උසස්වීම් ගැටලුව,හෙද සේවාවේ මාණ්ඩලික සේවා තත්ත්වය අහිමි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති පවසයි.
රජය නිසි අවධානයක් යොමු නොකළහොත් ජූලි මස 07 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු රජය නිසි අවධානයක් යොමු නොකළහොත් ජූලි මස 07 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කරන බවය.
මෙම තත්ත්වයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිවයුතු බවද උන්වහන්සේ පැවසූහ.
ලංකාවේ හෙද සාමාජිකත්වයේ 38,000 ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් සියලුදෙනාම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කීවේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට