හෙරොයින් ග්‍රෑම් 300 ක් සහ රුපියල් පන් කෝටි 90 ලක්ෂයක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ.
මෑත කාලයේදී මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල මෙය බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරුවන් කඩුවෙල හේවාගම සහ තලංගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය නුගේගොඩ පදිංචිකාරිනියක වනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග ගැනීමට නියමිත බවයි පොලිසිය කියාසිටියේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත එම වැටලීම සිදුකර තිබේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව