හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 600 ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩ බෙන්වල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි හෙරොයින් තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිසිය සඳහන් කලා.
මෙම තැනැත්තාට හෙරොයින් ලැබුණු ආකාරය සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පොලිසිය කියාසිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග