ඉන්දීය බොලිවුඞ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඞ් සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් මේ බව සනාථ කර තිබෙනවා.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි ප්‍රථිපල මේ දක්වා ලැබී නොමැති බව සඳහන්.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය