පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල වන බවට ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.
එම නඩුව පසුගිය මස 19 හා 20 යන දිනවල කැඳවූ අවස්ථාවේ දැනුම් දුන්නේ ඒ පිළිබඳ නියෝග අද ලබාදෙන බවයි.
නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව අධි චෝදනා 855 බැගින් ගොනුකර තිබුණා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව