හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලන්ඩෝ හර්නැන්ඩස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
‘‘රටේ ජනාධිපති විදියටත්, වගකීම් සහගත පුරවැසියකු ලෙසත් මා මේ දේ කියන්න ඕනෑ. මට පසුගිය දින කිහිපයේදී අපහසුතාවක් දැනුණා. මම වෛද්‍ය පරීක්ෂණයකට යොමුවුණා. මට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව එහිදි තහවුරු වුණා’’ යැයි රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් හොන්ඩුරාස් ජනාධිපතිවරයා කියා සිටියා.
තමන් ප්‍රතිකාර ලබන බවත් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත් ඔහු පැවසුවා.
‘‘විවේක ගන්නැයි වෛද්‍යවරුන් මට නිර්දේශ කළා.”
හොන්ඩුරාස් ජනාධිපතිවරයාට පමණක් නොව ඔහුගේ බිරිඳට සහ සමීපතමයන් දෙදෙනකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා කරනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි