නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ හොරගොල්ල ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මහනුවර දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ කාර් රථයක හා ජීප් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙන බවයි
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක් .
ඔහු පස්යාල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ
අනතුරට පත් අනෙක් නිලධාරියා ද පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය සඳහන් කරන අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව