හොරණ මූලික රෝහලේ අංක 9 වාට්ටුව ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය .
හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මේ වන විටත් වසා දමා තිබෙන අංක 5 වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරුන් අංක 9 වාට්ටුවේ ද සේවය කර තිබෙන බැවින් මෙම පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂකවරිය පැවසුවාය
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් ඔහුට සහ තවත් පවුලේ සාමාජිකයෙකුට කොවිඩි නයින්ටීන් ආසාදනය වී ඇති බවත්ය.
කොවිඩ් ආසාදනයවූ අනෙක් හෙදිය ඇතුළු ආසාදිතයින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට සහ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බව සදහන් වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්