හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළෙඳ සැලක් අද සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ එම මාළු වෙළෙඳ සැලේ හිමිකරුවෙකු හට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වීමෙන් පසුවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ අදාළ වෙළෙඳ සැල් හිමියා සහ පවුලේ සාමාජිකයන් මෙන්ම වෙළෙඳ සැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි.
අදාළ වෙළෙඳ සැල් හිමියා සිදු කළ PCR පරීක්ෂණයට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට