කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය ප්‍රකාශ කර සිටිනවා.
මෙම හමුදා නිලධාරීන් දෙදෙනා නිවාඩු ලබා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පැමිණ සිටි අයවලුන් වන අතර ඔවුන්ව යලි කඳවුර වෙත කැඳවීමත් සමග ආපසු කන්දකාඩු බලා ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවූ එක් යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා සහ සේවකයින් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත. මිට අමතර එම හමුදා සාමාජිකයා රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය සඳහන් කළේ.
මෙම යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් යුද හමුදාව විසින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය මහතා පැවසුවේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්